අශන්ති වරුනසුරිය
මහියංගනය විරානගම ප්‍රදේශයට මාලු වැස්සක් ඇද වැටී ඇත. දෙදිනක් මෙම මාලු වැස්ස ගෙවතු හා කුඹුරුවට මින් පෙර දැක නොතිබූ මත්ස්‍ය වර්ග රැසක් මාළු ඇද වැටී තිබේ. ටොනාඩෝ තත්ත්වයක් හේතුවෙන් මෙම මාලු වැස්ස ඇති වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 20 වනදා සිට ඊයේ 21 දින දක්වා මෙම මාලු වැස්ස ඇද හැලුණු බව ප්‍රදේශවාසීන් පවසයි. දිවයිනට බලපා තිබෙන ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් මෙම සන්සිද්ධිය ඇති වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ජලශවල සිටින මාළුන් මෙලෙස ටොනාඩෝවක් ලෙස ඇදී යන්න ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසීය.
මේ අතර උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ හම්බන්තොට යන ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව අතුල කරුණනායක මහතා පැවසීය.