නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත විමත් සමග රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක් එක්සත් රාජධානියට පැමිණීම තහනම් කර තිබේ.
ස්වීඩනය සහ ඩෙන්මාර්කයද විදේශීය සංචාරකයින් තහනම් කළේය.
මෙම නව කොවිඩ් ප්‍රභේදය වඩාත් මාරාන්තික බවට මෙතෙක් කරුණු තහවුරුකරගෙන නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
නව කොරෝනා ප්‍රභේදය ලන්ඩනයේ සහ ගිනිකොනදිග එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.
ඒ අනුව සෙනසුරාදා සිට නව සීමාවන් හඳුන්වාදීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගත් අතර නත්තල් සමයේ සැලසුම් කර තිබූ නීති ලිහිල් කිරීම අවලංගු කෙරිණි.