හමුදා කඳවුරක් තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට ප්‍රචාරය වන විඩියෝ පටය ගැන පැහැදිලි කිරිමක්

 

පසුගිය 16 වැනි දින කුරුවිට යුද හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට මේ දිනවල සමාජ මාධ්‍ය වල  ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිලිබද යුද හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවක් බව යුදහමුදාව පවසයි.

වසර ගණනාවක් වෙසක් කලාප වල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාණ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදුකර 2020. 12. 16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුනි.

වැරදි අර්ථකතන වලට මගපෑදෙන ලෙසින් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරනය වන සිදුවිම පිලිබද සත්‍ය තත්වය පැහැදිලි කිරිම සදහා මෙම පණිවිඩය නිකුත් කල බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එම් ජි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහනිවේදනයක් නිකුත් තරමින් වැඩිදුරටත් කියා සිටියි.

 

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.