
එක්සත් රාජධානියේ සිට සිය රට වෙත සංචාරය තහනම් කිරීමට යුරෝපා රටවල් රැසක් තීරණය කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ එක්සත් රාජධානිය තුළ සීග්‍රෙයන් පැතිර යන නව කොරෝනා ප්‍රභේදය සෙසු යුරෝපා රටවලට ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණෙනි.
ඒ අනුව ජර්මනිය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් බ්‍රිතාන්‍ය වෙත ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ සිට බෙල්ජියම දක්වා දුම්රිය ධාවනයද තහනම් කර ඇත.
තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට යුරෝපා සංගම් නියෝජිතයින්ගේ හමුවක් අද පැවැත්වේ.
නව කොරෝනා ප්‍රභේදය ලන්ඩනයේ සහ ගිනිකොනදිග එංගලන්තයේ වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.
ඒ අනුව සෙනසුරාදා සිට නව සීමාවන් හඳුන්වාදීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගත් අතර නත්තල් සමයේ සැලසුම් කර තිබූ නීති ලිහිල් කිරීම අවලංගු කෙරිණි.
නව කොරෝනා ප්‍රභේදය පෙර ප්‍රභේදයට වඩා මාරාන්තික බවට හෝ එන්නත් වලට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇති බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැත.
මේ අතර නව ප්‍රභේදය ආසාධිත රෝගීන් නෙදර්ලන්තය, ඩෙන්මාර්කය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින්ද වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කලේය.


