ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ් ආසාදිතව මෙරටදී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් මාලදිවයිනට ගෙනයාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිතී රීතීන්වලට පටහැනි බව සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එලෙස කොවිඩ් ආසාදිත මෘත දේහයක් රටකින් රටකට ගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවසර ලබා නොදෙන අතර ඒ සඳහා සාමාන්‍ය ගුවන් සමාගම් ක්‍රියා නොකරන බවයි.
විදේශයකදී කොවිඩ් වැළදුන ශ්‍රී ලාංකිකයින් පවා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් සමාගම් කටයුතු නොකරන පසුබිමක මෙලෙස මෘත දේහයන් ප්‍රවාහනයක් සිදු නොකෙරෙනු ඇත.
මේ සම්බන්ධව රජය විසින් නිර්දේශ ඉල්ලා තිබු අතර එයට පිළිතුරු ලෙස දැනුම් දී ඇත්තේ ඒ සඳහා සෞඛ්‍ය අංශ කිසිසේත්ම අවසර ලබා නොදෙන බවට රජය දැනුවත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය.


