කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 09 කට සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් 32 කට තවදුරටත් හුදෙකලා නියෝගය කි‍්‍රයාත්මක බව පොලිසිය පවසයි.
බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පයාගල පොලිස් වසම තුල පිහිටි මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් තුනක් සදහා තාවකාලිකව සංචරණ සීමා පනවා ඇත.
මග්ගොන ප්‍රදේශයේ පසුගිය දින දෙකකදී සිදු කල පී.සී.ආර්. පරීක්ෂණ 247 න් පුද්ගලයන් 131 ක් දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් බව හදුනා ගැනීමෙන් පසු ඒ අනුව පාර්ශව කිහිපයකගේ එකගතාවය මත මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර. සහ අක්කරමලේ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට මෙලෙස තාවකාලික සංචරණ සීමා පනවා ඇත.
බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් 19 ආසාදිත සමස්ථ පුද්ගලයන් 361 ක් දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බවත් මග්ගොන නගරයේ වෙළදසැල් සියල්ලම වසා දැමීමට කටයුතු කර ඇත.
එමෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් ඉකුත් 5 වෙනි දින වසාදැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇත.