කොරෝනා එක්ක නායයාමේ අවදානමකුත්

අශන්ති වරුනසුරිය

නායයාමේ අවධානමක් හේතුවෙන් වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇත.

මාර්ගය විවෘත කරන තෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය රියදුරන්ට දැනුම් දෙයි.

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදි නායයාමට ලක් වු මලපට්ටාව ගල්වල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයැම් තත්ත්වයක් තිබෙන බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලැබුණු නිර්දේශයට අනුව මිලිමිටර් 40 කට වඩා වර්ෂාපතනයක් පතිත වුවහොත් අවධානම් තත්ත්වයක් ලෙස දැනුම් දී තිබෙන බවත් නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසයි.

එම නිසා ඊයේ (19) දිනයේ මිලිමිටර් 75 කට වඩා වර්ෂාපතනයක් පතිත වූ නිසා මලපට්ටාව මාර්ගය මේ දක්වා වසා දමා ඇත.

එමෙන්ම පසුගිය දිනවල ඇතිවූ භූචලන හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වේල්ලට කිසිදු බලපෑමක් එල්ලවී නැති බවට විශේෂඥයින් තහවුරුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසිය

වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවූ භූකම්පන පිළිබද විශේෂ පරික්ෂාවක් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා වික්ටෝරියා වේල්ලේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වීමෙන් පසු මෙරට ප්‍රධාන ජලාශවල වේලි සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් ඉදිරියේ දී දිවයිනට පැමිණීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.