වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 618ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනයේ සදහන් වේ.

එම පිරිස 241ක් වන අතර, කළුතරින් ආසාදිතයින් 120ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 99ක් හා ආසාදිතයින් 158 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් ලෙස 31 දෙනෙක් බොරැල්ලෙනි. ග්‍රෑන්ඩ්පාස් 30ක්, කොම්පඤ්ඤවීදියෙන් 28ක්, වැල්ලවත්තෙන් 27ක්, මට්ටක්කුලියෙන් 23ක්, මරදානේ 17ක්, බ්ලූමැන්ඩල් 16ක්, දෙමටගොඩ 8ක්, වැල්ලම්පිටියෙන් හා දෙහිවලින් 5ක්, රත්මලාන, මොරටුව, කොල්ලුපිටිය හා කිරුළපනින් ආසාදිතයින් 4 බැගින් ද , අලුත්කඩේ, අඟුලානෙන් හා හංවැල්ලෙන් ආසාදිතයින් තිදෙනා බැගින් ද , පුවක්පිටිය, ගල්කිස්ස, කළුබෝවිල හා ගොතටුවෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද, කුරුදුවත්ත, අතුරුගිරිය, හඳපාන්ගොඩ, කොස්ගම, නාවල, රද්දොළුගම හා රාජගිරියෙන් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් මහර ප්‍රදේශයෙන් වාර්තා වන්නේ ආසාදිතයින් 44ක් ලෙසටය. මීට අමතරව වේයන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙක් ද වාර්තා වී තිබේ. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලැබු සමස්තය 27,552කි. කොවිඩ් මරණ 171කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.