දීපව්‍යාප්ත පොලිස් මෙහෙයුමක්

අද සිට දිවයිනටම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. එමෙන්ම නීතිරීති හා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු නොකරන්නේ නම් සමහර ප්‍රදේශවල හුදකලා වීමේ තත්ත්වය දීර්ඝ බවටද පොලීසිය අද අනතුරු ඇඟවිය.

කිසිවෙකුට හුදෙකලා ප්‍රදේශයක් අතහැර යා නොහැකි බවත්, එසේ වුවහොත් නිරෝධායන නීතිය යටතේ එම පුද්ගලයාට එරෙහිව පියවර ගන්නා බවත් ඔහු පැවසීය. නිවෙස් නිරෝධායනයක තබා ඇති ඕනෑම කෙනෙකුට තම නිවෙස්වලින් ඉවත් විය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නැවත අවධාරණය කළේය.

“සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න, PCR පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක් කළහොත් සාම්පල ලබා දෙන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට විරුද්ධ නොවන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ නීති රීති දැඩි ලෙස පිළිපදින්නේ නම් අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන හුදකලා තත්ත්වය ඉක්මනින් ඉවත් කරන බවයි.

එමෙන්ම මේ වන විට රට තුල සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවයි ඉකුත් දින වල සිදු කල දත්ත අධ්‍යයනයකදී හෙලි වී ඇත. කොරෝනා සමයේ රිය අනතුරු අවම මට්ටමක තිබුණ ද හුදෙකලා කිරීම් ඇතුළු සංචරණයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග යළි රිය අනතුරු වැඩි වී ඇති බව එහිදී අනාවරණය වී තිබේ. ඒ අනුව, මෙම සියළු දත්ත සැලකිල්ලට ගනිමින් අද සිට විශේෂ රථවාහන මෙහෙයුම් අරඹන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දුරස්ථභාවය තබා නොගැනිම සහ මුව ආවරණ නොපැලඳීම යන හේතුන්  මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,611 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.