
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර Covid 19 අවධානම ඉහලයාමත් සමග නව සීමා පනවා තිබේ.
එරට වඩාත්ම ජනාකීර්ණ කලාපය ලෙස සරලකෙන් නේ මෙම Greater Sydney ප්රදේශයයි.
ඒ අනුව ලබන බදාදා දක්වා නිවාස වල පුද්ගල ඒකරාශී වීම් දසදෙනෙකුටත්, වෙනත් සම්භාෂණ ස්ථාන වල රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 300 කටත් සීමා කර ඇත.
නිවැසියන්ට නිවස් වලින් රැඳී සිටින ලෙස නව සීමා පැනීමට පෙර සිටම උපදෙස් ලැබී තිබිණ.
සෙනසුරාදා දින පහක් සඳහා වසා දමා ඇති සිඩ්නි උතුරු වෙරළ තීරයෙන් වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වෙයි.
ඒත් සමග සිඩ්නි වැසියන් නත්තලට පෙර නගරයෙන් පිටවීමට පටන්ගෙන තිබේ.
විශේෂයෙන් නිව් සවුත් වේල්ස්හි සිට අසල්වැසි වික්ටෝරියා ප්‍රාන්තයට දහස් ගණනක් ගමන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ
ඒ අනුව ග්‍රේටර් සිඩ්නි හා නිව් සවුත්වෙල්ස් වැසියන්ට වික්ටෝරියා දේශසීමාවට පිවිසීම අවහිර කල බව නිවේදය කර ඇත.


