ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පාසල් තවදුරටත් වසා තැබීමට තිරණය කර ඇත.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23 ක් මෙලෙස වසා දමා ඇති අතර ලබන වසරේ සිට එම පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
දකුණු පළාත් කොවිඩ් කළමනාකරණ කමිටුව ලබන සතිය සඳුදා සිට බදාදා දක්වා ගාල්ල කොට්ඨාසයේ පාසල් නැවතත් වසා තැබීමට තීරණය කල බවත් බදාදා දින දක්වා පමණක් මේ වාර්යේ පාසල් පැවැත්වෙන බව ඔහු පැවසුවේය.
බදාදා දින සිට වර්ෂ අවසාන නිවාඩු ආරම්භ වේ. ඒ අනුව ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන්නේ 2021 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමඟිනි. දැනට ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ කොවිඩ් තත්ත්වය කිසියම් ආකාරයකට පාලනය කර ඇත.