ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය 2020 දෙසැම්බර් 17 වන දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.
දෙරට විසින්ම බිම්ස්ටෙක් සංවිධා
වර්තමාන තායිලන්ත වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාව සඳහා ආයෝජන අවස්ථා විවෘත කරයි. තායිලන්ත ආයෝජකයින් වවුනියාවේ දැනට සිදු කෙරෙමින් පවතින උක් වගාව සඳහා ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට උනන්දුවක් දක්වන බව තානාපතිවරිය සඳහන් කළාය.
තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයූත් චන්-ඕ-චා මැතිතුමා 2018 ජූලි මාසයේ දී නිරත වූ සංචාරය අතරතුර දී, උපාය මාර්ගික ආර්ථික හවුල්කාරිත්වය පිළිබඳ අවබෝධතා ගිවිසුමට (SEP) අත්සන් තබන ලද බව තානාපති චාර්ට්සුවන් මැතිනිය තවදුරටත් සඳහන් කළාය. මෙම සහයෝගිතාව යටිතල පහසුකම්, කෘෂි කර්මාන්ත, ධීවර, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය සහයෝගීතාව, ඇසුරුම්කරණ කර්මාන්ත, තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථික උනන්දුවක් දක්වන අංශ 10 ක් පිළිබඳව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ව්‍යාපාරික සබඳතා පුළුල් කිරීම සඳහා මෙම උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය උපරිම ලෙස යොදා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මෙහි දී ප්‍රකාශ කළේය.