බස්නාහිර පලාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස සිදුකරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගෙන ඇත.
එළෙඹෙන උත්සව සමය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගම්බිම් බලා යන පුද්ගලයින් අහඹු ලෙස තෝරා ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලියක් අද සිට ආරම්භ කෙරුණ අතර අද දිනයේ දී පුද්ගලයින් 451ක් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පුද්ගලයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
අද දිනයේ සවස වන විට මෙරටින් කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 376 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 35,763ක් වන අතර සුවය ලබා ඇති පිරිස 27,061ක් වනවා. රෝහල් ගතව ඇති ආසාදිතයින් ගණන 8,542ක් වේ.