කොළඹ 01, 02, 10 සහ 12 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 09 සිට අනිද්දා අලූයම 03 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ. එම කාලය තුළදී කොළඹ 03, 04, 07, 08 සහ කොළඹ 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.