මෙවර නත්තලට රැඳවියන් මුණ ගැසීම් නවත්වයි

බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී ඥාතීන්ට රැඳවියන් හමුවී තෑගී බෝග සහ කෑම බීම ලබාදීමට අවස්ථාව හිමිවන අතර රට තුළ පැතිරගොස් ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර එම අවස්ථාව මෙවර ලබාදිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ දක්වා මෙරට බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිතයින් 3,279ක් වාර්තාවී තිබේ. ඉන් 2,584 දෙනෙක් රිමාන්ඩ් සැකකරුවන් වේ. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 114ක් ද ආසාදිතව සිටි නිලධාරීන්ගෙන් 73 දෙනෙක් සහ රැඳවියන්ගෙන් 1,189 දෙනෙක් මේවන විට සුවය ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.