බීමත් රියදුරන් පරික්ෂාව අද සිට

ඉන්දික ශ්‍රී අරවින්ද

දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද (18) දින සිට ජනවාරි (05) දක්වා රථවාහන පරික්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී අධික වේගයෙන් රිය පැදවීම,බීමත්ව රිය පැදවීම,අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම,නොසැලකිලිමත් ලෙස රිය පැදවීම ඇතුළු රථ වාහන වැරදි පරික්ෂා කිරීම් සිදු කෙරෙණු ඇත.

බිමත් රියදුරන් වැටලීම සඳහා අවශ්‍ය උකරණ දැනටමත් සියලුම පොලිස් ස්ථාන වෙත යවා ඇති අතර බිමත්ව සිටි නම් රිය පැදවීම් සිදු නොකර වෙනත් රියදුරෙකු හෝ පොදු කුලී රථ සේවා භාවිතා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.