පාස්කු කොමිසමෙන් නිෂාරා ජයරත්නට අවවාද

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අපහාස කල සාක්ෂිකාරියක් ලෙස නිතිපති සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න  මෙනෙවිය නම් කරන්නැයි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු  පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරික්ෂණ කොමිසමෙන් ඉල්ලිමක්  කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නිතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේ යොමු කල ගොනුවකට  අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී  සහ ගොනුව භාරව සිටි රජයේ අධිනිතිඥ මාලික් අසීස්  වෙනුවෙන් නිතිඥ ෂවේන්ද්‍ර ප්‍රනාන්දු මහති කොමිසමේ හමුවේ පෙනි සිටියි.

තමා කළ ප්‍රශ්න මගහරිමින් සහ යෝජනා ලෙස යොමු කල ප්‍රශ්න වලට ඍජු පිලිතුරු නොදෙමින් පිලිතුරු දුන් ආකාරය සහ කොමිසමට පැමිණිමේදි  නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා අමාරුවෙ දමමින් ප්‍රශ්න මග හරිනබවට පවසමින් අදාල නිතිඥවරයා විසින්  මෙම ඉල්ලීම කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උපදෙස් පතා නිතිපති දෙපාර්තමේන්තුව වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය  යොමු කල ගොනුවකට  අදාළව එම ගොනුවේ අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවී  සහ ගොනුව භාරව සිටි රජයේ අධිනිතිඥ මාලික් අසීස්  වෙනුවෙන් නිතිපතිවරයා වැඩබලන පොලිස්පති වරයා වෙත යොමු කල ලිපියක් සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව   නිතිපති සම්බන්ධිකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවියගෙන් ඊයේ  (17)සාක්ෂි විමසීම සිදු කෙරිණි.

ඒ අනුව යොමූ කරන ප්‍රශ්න වලට පිලිතුරු නොදෙමින් දිගින් දිගටම   ජනාධිපති නීතිඥවරයා යොමු කරන ප්‍රශ්න වලට ප්‍රති ප්‍රශ්න ඉදිරිපත් කිරිම හමුවේ රජයෙ අධිනිතිඥ නිෂාරා ජයරත්න මෙනෙවියට අවසාන වශයෙන්, දැඩි ලෙස කොමිසම අවවාද කරමින් කියා සිටියේ,”සාක්ෂි කාරියක් ලෙස සිතා කොමිසම හමුවේ පෙනි සිටින ලෙසයි.එහිදි නිතිපතා සම්බන්ධිකරණ නිළධාරි රජයෙ අධිනිතිඥ නිෂාරා ජයරත්න  කියා සිටියේ,තමන් නිතිඥ සහයක් ලබා නොගන්නා නිසා  තමන්ද සාක්ෂිකරුවකු ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත්ය  එහිදි  කොමිෂන් සභාවේ පැමිණිමේ  ලේඛණය පරික්ෂා කල සභාපති විනිසුරුවරයා කියා සිටියේ,නිතිඥ ටෙනි ප්‍රනාන්දු නම් අයකු රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න  මෙනෙවිය වෙනුවෙන් පෙනී සිටින නිතිඥවරයා ලෙස එම නාම ලේඛනය තුල අත්සන් තබා ඇති බවය.

එසේ වුවද තමන් වෙනුවෙන් නිතිඥවරයකු පෙනි නොසිටින බව එම අවස්ථාවෙදිත් රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පැවසු අතර  එහිදී කොමිසම රජයේ අධිනිතිඥවරියගෙන් නිතිඥ සහායක් අවශ්‍යදැයි විමසා සිටි අතර එහිදී නිතිඥ සහායක් අවශ්‍ය බවත් සහාය ලබා ගත යුත්තේ නිතිපතිවරයාගෙන් බවත්  ඇය  කොමිසම හමුවේ කියා සිටියාය.

එසේම උගත් ජනාධිපති නිතිඥ වරයා සදහන් කරන කාරණය මා පිළිගන්නේ නැහැ. කොමිසමට උපහාසයක් කලේ නැහැ. හිතාගත් කතාවක් හෝ උපදෙස් මත පිළිතුරු දුන්නේ නැහැ. නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් දාන්න පැමිණියේ නැහැ. මමත් වැඩ කරන්නේ නිතිපති දෙපාර්තමේන්තුවේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොමිසමේ සිටිනවා.ජනාධිපති නිතිඥවරයා අවශ්‍ය පිළිතුරු ලබා ගැනීමේ ප්‍රයත්නයක සිටිනවා. මගේ හෘද සාක්ෂියට එකගව මම පිළිතුරු දුන්නා. පිළිතුරු දිය හැකි සීමාවන් තිබෙනවා. ඔහුට අවශ්‍ය පිළිතුරු නොදෙන අවස්ථාවක කොමිසමට අපහාස කල බවට නියෝග ඉල්ලීම සාක්ෂිකරුවෙක් වෙන මට සිදු කරන අසාධාරණයක් බව නිතිඥ සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා . යනුවෙන් ඇරය කොමිසම හමුවේ කීවාය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.