අශන්ති වරුනසුරිය
සති අන්තයේදී ද සියලු ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කර ඇති ප්‍රදේශවල හුදකලා තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.
එමෙන්ම අදාල ප්‍රදේශය ඉක්මණින්ම හුදකලා තත්ත්වයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය නම් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ලෙසද ඔහු පැවසුවේය.
හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට අනුගතව කටයුතු කර තිබෙන නමුත් සුළු පිරිසක් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු නියෝග යම් ආකාරයකට පැහැර හැරීමක් සිදුකර ඇති බැවින් එවැනි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් ඒ ප්‍රදේශ තවත් බොහෝ කාලයක් හුදකලා කර තැබීමට සිදු වන බව ඔහු වැඩි සුරටත් පැවසුවේය.