කොළඹ, වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිහිටි “නසීර් වත්ත” වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීමත් සමගම මෙම තීරණය ගෙන ඇත. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහවුරු කරයි.
ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු එක් සේවකයෙකු පසුගිය සඳුදා දින කොවිඩ් ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගෙන ඇති බවත් ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට අද දිනයේදී තහවුරු කර ගෙන ඇත.
මේ වන විට ආදාල කොවිඩ් ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.