ඉන්දික ශ්‍රී අරවින්ද
තමාට මේ පැණියක් නිසා ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් තමාට පාඩුවේ ජිවත් වෙන්න ඉඩ දෙන ලෙසත් සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව දේශීය වෙදකම් සංවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්, සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
මේ දිනවල මහජනයා හමුවීම නතර කර ඇති අතර තමාගේ ජංගම දුරකථනය පවා ක්‍රියා විරහිත කර සිටින බවත් පැවසු අමාත්‍යවරයා මිඩියාවලින් තමාට නැති ප්‍රශ්න ඇති කරන නිසා සමාජයට මුහුණ දීමට නොහැකි තත්වයක් මතු වී ඇත.
ඒ බැවින් තමාට පාඩුවේ ඉන්න දෙන ලෙස ඉල්ලීමක් කළේය.
කොවිඩ් මර්දනය කිරීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති දේශීය ඖෂධය සඳහා නිර්දේශ ලබා දීමට පත්කළ කමිටුව පිළිබඳව සෑහීමකට පත්නොවෙන බව අමාත්‍යවරයා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව අධ්‍යනය කරන්නේ බටහිර වෛද්‍ය මුලධර්මවලට අනුකුල බැවින් එම කමිටුවේ සාමාජිකයින් පිළිබඳව ගැටළු සහගත තත්වයක් මතු වී ඇත.
එහෙත් දේශීය ඖෂධය යුරෝපයෙන් හදල එවන එන්නත තරම් භයානක නොවන බවට විශ්වාස කරන අතර ඒ තරම් ආසාදිත තත්වයක් දේශීය ඖෂධයෙන් මතු නොවන බව අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.