මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව වුවද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සංචාරකයින් පැමිණිය ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පැමිණෙන ගුවන්යානාවලට ප්‍රමුඛතාව හිමිවන බව ද සංචාරකයන්ට රට විවෘතකරන බව ප්‍රකාශ කිරීමත් සමග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රමිකයින් අතර අනියත බියක් පැතිරවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි.
මේ වනවිටත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 50,000කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වාගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ලියාපදිංචි වී ඇති තවත් සෙසු පිරිස ද දිවයිනට රැගෙන ඒමට පියවර ගන්නා බව පැවසීය.