චීන PCR යන්ත්‍රය යලිත් අක්‍රිය වෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

මුල්ලේරියාව මුලික රෝහලේ ස්ථාපිත කර ඇති චීන PCR යන්ත්‍රයට අවශ්‍ය කරන රසායනික ප්‍රතිකාරක නොමැතිවීම නිසා PCR පරික්ෂාව සීමාකර ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසිය.

මේ හේතුව නිසා එම යන්ත්‍රය ක්‍රියා කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බැවින් දිනකට සාමාන්‍යයෙන් PCR පරීක්ෂාවන් 2000ක් පමණ සිදු කිරීමේ හැකියාව පැවතුනත් දැනට එම PCR පරික්ෂාවන් 600ක් දක්වා අඩු වී ඇත.

සෞඛ්‍ය සැපයුම් අංශය විසින් එම PCR යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ප්‍රතිකාරක ඉල්ලුම් කර මාසයක පමණ කාලයක් ඉක්මව ඇති බවත් මේ වනතුරුත් එය නොලැබුණු බවත් ඔහු පැවසිය.

දැනට අක්‍රියව ඇති PCR යන්ත්‍රය මිළදී ගත් චීන සමාගම විසින් මෙරට චීන තානාපති කාර්යාලය මැදිහත් වීම මත වෙනත් PCR යන්ත්‍රයක් පරිත්‍යාග ලෙස ලබා දී ඇති අතර එම යන්ත්‍රය පමණක් දැනට ක්‍රියාත්මකව පවතින බව මුල්ලේරියාව මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මේ හේතුව නිසා දැනට සිදු කරන PCR පරීක්ෂණ වාර්තා දින 3ක් පමණ ප්‍රමාද වී ලැබීම නිසා covid – 19 ආසාදිතයන්ගේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.