රාජපක්ෂ පවුල තුල ගැටුම් – විපක්‍ෂය කියයි

අශන්ති වරුනසුරිය

සමඟි ජනබලවේගය සමඟ හවුල්කාර පක්‍ෂ වගේම ශ්‍රීලනිපයේ පිරිසත් ශක්තිමත්ව සිටින බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්ති මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසිය.

සමඟි ජන බලවේගය පක්ෂය තුල උද්ගතව ඇති තත්වය පිළිබදව අප කල විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ කෙටිකාලයක් තුල ජනතා අප්‍රසාදය ඇතිකර ගත් ආණ්ඩුව තුල මිස ගැටුම් ආරවුල් සමඟි ජන බලවේගය තුල ඇති වී නොමැති බවය. ආණ්ඩුව තුල මෙන්ම රාජපක්ෂ පවුල ඇතුළෙද ගැටුම් නිර්මාණය වී ඇති බව ඔවුන්ට ආරංචි වී ඇති බවතද ඔහු සදහන් කළේය.

එමෙන්ම සංධානයට තුල විවිධ මත තිබෙන අය සිටින බවත් ඒවා ගැටුම් නොවන බවත්ය. එවැනිම සමඟි බලවේගයේ සිටින සියලුම දෙනා සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිගෙන තිබෙන බවත් මේ වන වියවස්තාව හදාගෙන යන බවත් ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.