ජනතාවගේ දැඩි අවධානයට ලක්වෙමින් රසික අපේක්ෂාවන්ට සරිලන ලෙස දිවි ගෙවීමට සිදුවීමෙන් එල්ලවූ පීඩනය සිය මානසික සෞඛ්‍යයට අහිතකර බව පවසමින් සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය පොප් ගායිකා කණ්ඩායමක් වන ලිට්ල් මික්ස්හි සාමාජිකා ජෙසී නෙල්සන් එම කණ්ඩායමෙන් ඉවත් වී ඇත.
ලිට්ල් මික්ස් කණ්ඩායමේ සෙසු සාමාජිකාවන් ජෙසී නෙල්සන්ගේ වෙන්වීම පිළිබඳ දැඩි ශෝකය පළ කළ නමුත් ඇය සෞඛ්‍යමය හේතු මත ගත් මෙම තීරණයට උපරිම සහය දක්වන බව ප්‍රකාශ කළේ ය.
2011 වසරේ බ්‍රිතාන්‍යයේ එක්ස් ෆැක්ටර් නැමති රියැලිටි වැඩසටහන මගින් බිහිවූ ලිට්ස් මික්ස්, සිය ගීත නිර්මාණ හේතුවෙන් බ්‍රිතාන්‍යය මෙන්ම ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත්විය.
- අශ්වරු