ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) අවසන් තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරඟාවලියේ ශුරතාවය දිනාගත්තේය.
ඒ තරඟය ලකු ණු 53 න් ජය ගනිමින්ය.
කාසියේ වාසිය දිනා තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.
ෂොයිබ් මලික් ලකුණු 46යි
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 39ක් රැස් කළේය.
ලකුණු 189 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස්කිරිමට හැකිවුනේ ලකුණු 135ක් පමණි.


