ඉකුත් රජය සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු හෙට (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම හෙට දින මොවුන් කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙහි පළමුවන සැකකාර හිටපු මන්ත්රීවරයා සතොස ආයතනය සඳහා කල් බදු පදනම යටතේ ලබාගත් වාහන තුනක් අවභාවිතයට ලක්කර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇත.
ඒ අනුව, එක් වාහනයක් සඳහා රුපියල් 195,000ක මුදලක් මාසිකව කල්බදු වශයෙන් ගෙවා තිබෙන බවත් මෙම සැකකරු විසින් වාහන තුනක් නීතිවිරෝධී ලෙස භාවිත කිරීම තුළින් රුපියල් ලක්ෂ 12 හා පමණ මුදලක් අවභාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියි.