ඉන්දික ශ්‍රී අරවින්ද
ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තබා ඇති චීන භාෂාව සහිත දුම්රිය කාලසටහන් පුවරුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථානයෙන් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මින් ඉදිරියට දුම්රිය ස්ථානයන්හි යම් වෙනසක් කරන්නේ නම් ඒ සඳහා දුම්රිය සාමාන්‍ය ධිකරිවරයාගේ අනුමැතිය අනිවාර්ය බවයි.
ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට මේ වනවිටත් දැනුම් දී තිබේ. ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සවිකර තිබු චීන භාෂාවෙන් සමන්විත කාලසටහන් පුවරුව 2015 වසරේදී එවකට හිටපු දුම්රිය සාමාන්යධිකරිවරයාගේ අනුමතිව ඇතිව සවිකර ඇති අතර ඒ සඳහා ගල්කිස්ස හෝටලය අනුග්‍රය ලබා දී ඇතැයි දිලන්ත මහතා පවසයි.
චීන භාෂාව සහිත දුම්රිය කාලසටහන් පුවරුව ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සවි කිරීමට හේතුව ලෙස එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාකරුණු දක්වා ඇත්තේ මෙරටට සංචාරය සඳහා පැමිණෙන චීන ජාතිකයින්ගේ පහසුව සඳහා මෙම කාලසටහන් පුවරුව සවි කර ඇති බවයි.
ගල්කිස්ස හෝටලය විසින් ගල්කිස්ස දුම්රිය ස්ථානය වසර කිහිපයකම සිට නඩත්තු කිරීමේ කටයුතු සිදු කිරීම භාරගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසිය.
එහෙත් රාජ්‍ය භාෂා කොමිසන් සභාවේ සහකාර අධ්යක්ෂ සිවප්රගාෂන් මදිවානන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ වෙනත් රටක භාෂාවක් මෙරට රාජ්‍ය ආයතන දැන්වීම් පුවරු හෝ වෙනත් ලිපි ලේඛණ සඳහා භාවිතා කරන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාවක් බවයි.
ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ පැහැදිලිවම සඳහන් කර ඇති අතර ව්‍යවස්ථාවට අනුකූලව යම් නාම පුවරුවක් මහජනයාට ප්‍රදර්ශනය කරන්නේ නම් සිහල සහ දෙමළ භාෂාවට ප්‍රධාන තැනක් ලබා දිය යුතු වෙයි.
ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් බැවින් ඒ සඳහා තෙවැනි තැන ලබා දිය යුතු බව රාජ්‍ය භාෂා කොමිසන් සභාවේ සහකාර අධ්යක්ෂ සිවප්රගාෂන් මදිවානන් මහතා වැඩිදුරටත් පැවසිය.