අශන්ති වරුනසුරිය
ඉදිරි උත්සව සමයේදී සංචරණය සිමා ලිහිල් කළොත් රට කොරෝනා වෛරස් වැඩි වීමේ අවධානමකට යන බැවින් අනිවාර්යෙන් සංචරණ පැනවිය යුතු බව මහජන සෞක්‍ය සංගමය පවසයි.
පෙරේදා සිට අද දක්වා ජනතාවගේ හැසිරීම් නිර්ක්ෂණය කිරීමේදී ජනතාවගේ හැසිරීම් යහපත් නොවීම හරහා සංචරණ සිමා ලිහිල් කිරීමෙන් නත්තලෙන් පසු රට අවධානමකට යන බව මහජන සෞක්‍ය සංගමය අවධාරණය කරයි.
සෞක්‍ය මාර්ගෝපදේශන නිකුත් කර තිබුණත් ජනතාව ඒවාට අනුගත නොවී මේ දිනවල වැඩිවශයෙන් සාප්පු යෑම සිදුවන බව දක්නට ලැබෙන බවද ඔහු කියයි. තමන් මේ පිළිබද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සාකච්චා කිරීමේදී එසේ සිමා පැනවීමට අදහසක් නොමැති බව සදහන් කල බවද හුදකලකිරීම් සිදු නොකලත් උත්වස සාමය සමඟ ආසාදිතයින් රට පුරා යෑමට ඉඩ ඇති බැවින් අවම වශයෙන් දිස්ත්‍රික් හරහා හෝ සංචරණ සිමා පැනවිය යුතු බව ඔහු වැඩි දුරටත් පැවසීය.
තමන්ගේ ගමන්බිමන් පාලනය කර ගනිමින් උත්සව සමයට සාදා පැවැත්වීම පිරිස් ඒකරාශී වන ස්ථාන වලට සහභාගී නොවී තමන් ඉදිරිපිට සිටින්නා කොවිඩ් රෝගියකු යයි සිතා තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට ලබා දී ඇති සෞක්‍ය උපදෙස් පිළිපදින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සාප්පු යාමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතුය. උත්සව සමයේදී මහජනයාට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ දැනටමත් නිකුත් කර ඇත.
එමෙන්ම සෞඛ්‍ය අධ්යක්ෂ අසේල ගුණවර්ධන මහතා විසින් මෑතකදී මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර උත්සව සමයේදී වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඒවා අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. කරුණු 10 කින් යුත් මාර්ගෝපදේශයේ, උත්සව සමයේ සංචාරය අඩු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත. පවුලේ එක් සාමාජිකයෙකු පමණක් සාප්පු සවාරි යන බව සහතික කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත