කොළඹින් තවත් කොරෝනා මරණ 3ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙක් මරණයට පත්වී ඇත. එසේ මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 157කි.

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය  කොවිඩ් -19 ආසාදිතයාගේ ඡායාරූපයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ. මෙම පුද්ගලයා පිළිබඳව යම් තොරතුරක් ලදහොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ 119 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළාගොස් ඇති තිබුණි. මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත. සැකකාර රෝගියා සොයා පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.