මෙරට පවතින ගැටළුකාරී තත්වය හමුවේ මාලදිවයිනට යාමට ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට එරට රජය ආරාධනා කළ යුතු බවත් එය එසේ ඉටු කිරීමට මෙරට රජය ඉල්ලිය යුතු බවද රජයද එසේ ඉටු නොකිරීම ගැන තමන් කණගාටු වන බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ තම රජය එසේ නොකිරීම ගැන තමන් පුදුම වන බවයි.
එමෙන්ම කොවිඩ් 19 රෝගයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ අවසන් කටයුතු එම ආගමිකයන්ගේ කැමැත්තට අනුව සිදුකිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඇයගේ සටහනෙහි දැක්වේ..
මාලදිවයින් විදේශ ඇමතිවරයා මෑතකදී සඳහන් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ශ්‍රී ලංකාවේ කොවිඩ් මුස්ලිම් මෘත දේහයන් තම රටේ ආදාහනය කිරීමට අවශ්‍ය පසුබිම සලකා බලමින් සිටින බවයි.
මාලදිවයිනේ ඉස්ලාමීය අවමංගල්‍ය කටයුතු සඳහා පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සලකා බලමින් සිටින බව මාලදිවයිනේ රජය ඊයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඇයගේ මෙම ප්‍රකාශ සිදු කර තිබේ.
මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මාලදිවයිනේ ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සොලිහ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ ඉල්ලීම සලකා බලන බවය.
මුස්ලිම් කොරෝනා භූමදානය කිරීම සඳහා මාලදිවයිනේ සහය පැතීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දී නොමැති බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක කෙහෙලිය රම්බුක්වැල්ල මහතා ඊයේ මේ පිළිබදව අදහස් දක්වමින් පැවසීය.