රෝගීන් පැන යෑම වැලැක්වීමට ආරක්‍ෂාව දැඩි කල යුතුයි

අශන්ති වරුනසුරිය

කොවිඩ් රෝගීන් පැන යෑම වැලැක්වීමට අදාල ඒකක වල ආරක්‍ෂාව තව දුරටත් තහවුරු කල යුතු බව මහජන සෞක්‍ය පරික්ෂණ සංගමය පවසයි.

කොවිඩ් රෝගීන් පලා යෑම හෝ ප්‍රතිකාර ලැබූවන් අදාල ස්ථාන වල භාණ්ඩ සොරකම් කිරීම් ආදී සිද්ධීන් පසුගියදා වාර්තා විය. ඒ සම්බදයෙන් සිදු කල විමසීමට පිළිතුරු දෙමින් මහජන සෞක්‍ය පරික්ෂණ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මත්ද්‍රවය වලට ඇබ්බැහිවුවෙක් කොවිඩ් සදහා ප්‍රතිකාර ලබන්නේ නම් ඔවුන් පුනරුත්තාපන වීමක් නොවීම හරහා මෙවැනි දේ සිදු විය හැකි බවය. එමෙන්ම ඔවුන්ට කෙතරම් හොදින් සැලකුවත් මෙවැනි දේ සිදු කල හැකි බවත් තවත් අයෙක් ඇතිවන භිය නිසා මෙවන් මෙලෙස හැසිරිය හරි බවත් ඔහු පැවසිය.

මෙලෙස පලා ගිය පසු ඔහුගේ ගමන් මාර්ග ඇසුරු කල පිරිස් එකිනෙකා සෙවීම අපහසු කටයුත්තක් බවත් එවැනිම එයින් සියයට සියයක්ම ඔවුන් ඇසුරු කලවුවන් සොයා ගැනීම ප්‍රයෝගිකව සාර්ථක නොවන බැවිනුත් කොවිඩ් රෝගීන්ගේ ඒකක වල ආරක්‍ෂාව තව දුරටත් තහවුරු කල යුතු බව මහජන සෞක්‍ය පරික්ෂණ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම තත්වය පහදමින් පැවසීය.

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 ආසාදිතයෙකු පළා ගොස් තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (15) පස්වරුවේ ඔහු රෝහලෙන් පළාගොස් ඇති බවය. මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වී තිබේ. පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.