ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අද රාත්‍රි 7ට හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගනාගනයේදි පැවැත්විමට නියමිතය.
ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරඟය පැවැත්විමට නියමිත අතර
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් කලම්බො කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 2ක ජයක් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබී ය.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ දඹුල්ල වයිකිංග් කන්ඩායමට එරෙහි තරගය ලකුණු 37කින් ජයග්‍රහනය කරමිනි


