ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමේ PT -6 වර්ගයේ ගුවන් යානයක් අතුරුදහන් වූ බවට පැවසුණු ගුවන් යානය අනතුරුට ලක්ව ඇත.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගතවී ඇති මෙම යානය ගුවන් ගමන් පාලක මැදිරිය සමග තිබු සියලු සම්බන්ධතා බිඳ වැටී ඇත. මෙම ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙක් ගමන් කරමින් සිට ඇති බව මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ප්‍රකාශ කරයි.
පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවය. අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව ද පොලීස් මාධ්‍ය අංශය සදහන් කරයි.