ඊස්වරන් රත්නම්
කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය සඳහා මාලදිවයින් රජයෙන් සහය ඉල්ලා ඇත්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ජාවට ලක් නොවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
එම මෘතදේහ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ ඒ පිළිබඳ සොයා බලා නිර්දේශ ලබාදීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශවලට අනුව පමණක් බව ද අදාළ කරුණ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේදී පැහැදිළි කිරීමක් සිදුකරනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා පහසුකම් සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඞ්, ට්විටර් සටහනක් තබා තිබිණි.