වාහන අවභාවිතාවයකට හිටපු නි.ඇමති අබ්දුල්ලා අත්අඩංගුවට

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රියේ පුද්ගලයින් දෙදෙනෙක් ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙනි. විශේෂයෙන්ම 2015ත් 2019ත් අතර කාලය තුළ මෙම අවභාවිතයන් සිදුව ඇති බවට වාර්තා වේ.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් නමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නමැති අයෙකි.

සැකකරුවන් ව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.