පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට අවස්ථාව ලබා දී ඇත.
ඒ අනුව හෙට (16) පස්වරු 2.30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ප්රියන්ත ප්රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබා ගැනීම සඳහාාඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම සිදු කළේය.