
පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිපලය එරට ඡන්ද විද්‍යාල සාමාජිකයින් අනුමත කර තිබේ.
මේ සමග ලබන ජනවාරි මාසයේදී නව ජනපති ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීම තහවුරු වනු ඇත.
මෙම නිවේදනයෙන් අනතුරුව අදහස් දැක්වූ ජෝ බයිඩ්න් පවසා ඇත්තේ පීඩනය, තර්ජනය හා පරීක්ෂා කිරීම් හමුවේ එක්සත් ජනපද ප්රජාතන්ත්රවාදය සත්‍ය මෙන්ම ශක්තිමත් බව තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රතිපලය පිලිගෙන නැත.ෙ
පසුගිය ජනාධිපතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න්ට ඡන්ද විද්‍යාල 306 ක බලය හිමිවූ අතර, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ජනපති ට්‍රම්ප් හිමිකරගත්තේ 232 ක් පමනි.