කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි වාර්තා වේ.
 මෙම නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් වාර්තා වූ බවට පලාත් පාලන ආයතන හැටකට අධික සංඛ්‍යාවක් වාර්ත කර ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
මේ පිළිබඳ බ්‍රිතාන්‍ය විසින්  ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුවත් කර ඇත.
නව කොරෝනා ප්‍රභේදය පිළිබඳව එක්සත් රාජධානියේ විද්‍යායින් විසින්  අධ්‍යයනය කරනු ලබමින් සිටියි. නව කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ 1000කට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපය තුළ එරටින් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.