ඉන්දික ශ්‍රී අරවින්ද
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ්-19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතික මෘත දේහයන් ආදාහනය කිරීම පසුගිය (11) වන සිකුරාදා සිට තාවකාලිකව අත්හිටුවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් කරනු ලැබූ දැනුම් දීමකට අනුව මෙම මළ සිරුරු ආදාහනය කිරීම අත්හිටුවා ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා ප්‍රකාශ කළේ.
මෙලෙස ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතික මෘත දේහයන් පසුගිය (09) වැනිදා වන විට 20ක් තිබුණු අතර එයින් 11ක් පමණක් අද(14) වන විට ආදාහනය කර අවසන්ව තිබු බව සෞඛ්‍ය අංශ පවසයි.
එහෙත් මේ වනවිට මුස්ලිම් ජාතික මළ සිරුරු 9ක් තවදුරටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මතු වූ ගැටළු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දා කරන ලද ඉල්ලීමකට අනුව ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කෝවිඩ් ආසාදිත සිරුරු ආදාහනය කිරීම අත්හිටුවන ලෙස කොළඹ මහ නගර සභාවට උපදෙස් දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසුරියා මහතා පැවසීය.
මෙරට මුස්ලිම් ජාතික කොවිඩ් ආසාදිතයින්ගේ දේහයන් භූමදානය සඳහා යොදා ගත හැක්කේ අඩු ජල මට්ටමකින් යුත් වියළි ඉඩමක් සොයා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් ඉල්ලා සිටියේය.
එහි ප්‍රථිපලයක් ලෙස සෞඛ්‍ය විශේෂඥයින් අග්‍රාමාත්‍යවරයාට විසදුමක් ලබා දෙන තෙක් ආදාහනය නතර කරන ලෙස කොළඹ මහ නගර සභාවට උපදෙස් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව බාලසුරිය මහතා පැවසීය.
මෙරට මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ විශ්වාසයන්ට පටහැනිව මුස්ලිම් කොවිඩ් ආසාදිතයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳව කනස්සල්ල පළ කර තිබුණි.
කොවිඩ් වෛරසය ආසාදිත මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ආදාහනය කිරීම අවසන් කිරීම සඳහා කොන්ක්‍රීට් සොහොන් යෝජනා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කරයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මීට පෙර Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම ගැටළුව විසඳීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් ඊළඟ රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.
කොවිඩ් ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා කොන්ක්‍රීට් සොහොන් සෑදීම සඳහා සුදුසු වියළි බිම් සොයා බලන බව ඔහු පැවසීය.
මෙම ආදාහනය කිරීමේ ගැටලුව කඩිනමින් විසඳෙනු ඇතැයි තමාට හැඟෙන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. (Colombo Gazette)