අශන්ති වරුනසුරිය
වත්මන් රජයේ පළමු විදෙස් ආයෝජනය හම්බන්තොට වරාය වෙත ළගා කර ගනිමින් විදෙස් ආයෝජන මාලාවක් පසුගිය කාලය තුලදී රටතුලට ආකර්ෂණය කර ගැනීමට හැකිවූ බව ආර්ථික පුනර්ජීවන කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ගම සමග පිළිසරක් වැඩසටහන යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකට එක්වෙමිනුයි බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.
දකුණු පලාතේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ද දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, කතානායක මහින්ද අබේවර්ධන සහ අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.