නෙදර්ලන්ත හිමිගේ අපවත් වීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබද විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත. දෙපා ගලකින් ගැටගසා, ඉතා අබිරහස් අයුරින් රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී උන්වහන්සේගේ සිරුර පසුගියදා සොයා ගැනුන අතර පොලිස් නිලධාරීන් සියයට ආසන්න පිරිසක් මෙම පරික්ෂණ සදහා යොදවා ඇති බව වාර්තා වේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් බුද්ධි අංශය, නිල සුනඛ අංශය, පොලිස් යාත්‍රා අංශය, විශේෂ අපරාධ ස්ථාන පරික්ෂණාගාර අංශය, පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ ගණනාවක දායකත්වය පරික්ෂණ සදහා ලබා ගැනීමට කටයුතු කෙරිණි.

සුදු ජාතික පූජ්‍ය නෙදර්ලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබද රජයේ විශේෂ අවධානය යොමුවූ අතර මේ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පත් සී ඩී වික්‍රමරත්න මහතා වෙත නියෝග කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.