අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ, කොවිඞ් 19 වසංගත තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය අඩංගු ඖෂධ වට්ටෝරු මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට ලැබෙන බවත් දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේදී ඊට යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බවත්, ඖෂධයට අදාළ නිශ්චිත ශාකමය කොටස් යොදා නොගතහොත් ශරීරයට අහිතකර සංයෝගයන් පවා ඇති විය හැකි බවත් දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් පාරම්පරිකව භාවිත කරනු ලබන අත්බෙහෙත් වැනි දෑ හැරුණුකොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිත කිරීමෙන් වළකින ලෙස ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.