විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා අද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාර ගත්තේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ජගත් අල්විස් මහතා අද පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි අමාත්‍යාංශයේ රාජකාරි භාරගෙන ඇති බවයි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහභාගී වූහ.වත්මන් රජය යටතේ දැනටමත් පත්කර ඇති අමාත්‍යාංශ 28 ට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නොවැම්බර් මාසයේ දී පිහිටුවන ලදී.
පසුව රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා නොවැම්බර් 26 දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.
සරත් වීරසේකර මහතාගේ පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් පසුගිය සතියේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කරන ලදී.