ඉදිරි කාලයේදී උත්සව තහනම්

අශන්ති වරුණසුරිය

කොරෝනා වෛරසය හේතුවෙන් ජනවාරි 1වනදා උත්සව, නත්තල් සාද මෙන්ම විශාල පිරිසක් ඒකරාශී වන උත්සව පැවැත්වීම් තහනම් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ උත්සව සමය සැමරිය යුත්තේ පවුලේ සාමාජිකයන් අතර පමණක් බවයි.

ඉස්සර වගේ මෙවර නව වසර සැමරීමට අපට නොහැකියි ඔහු පැවසීය. උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එමෙන්ම උත්සව සමයට අදාලව සාප්පු යාමේදී සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බව ද උත්සව සමයේදී මහජනයාට අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ දැනටමත් නිකුත් කර ඇති බවද ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා විසින් මෑතකදී මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර උත්සව සමයේදී වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම උපදේශන අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කරුණු 10 කින් යුත් මාර්ගෝපදේශයේ, උත්සව සමයේ සංචාරය අඩු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත. පවුලේ එක් සාමාජිකයෙකු පමණක් සාප්පු සවාරි යන ලෙසටත් එහි දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.