වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රොගීන් සිව් දෙනෙකු අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ මෙම කොවිඩ් රෝගීන් සිව්දෙනා පසුගිය 12 වනදා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතව තිබුණ නමුත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා මෙම රෝගීන් හතරදෙනා විසින් එම මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෙනත් ආකාරයේ උපකරණ තොගයක් සොරකම් කර ඇති බවට පැවසීම හමුවේ මෙලෙස අත්අඩංගුවට ගත් බව සදහන් කළේය.
ඔවුන්ව වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.