කොවිඩ් වැළදිමෙන් සිදුවන මරණ හා ආසාධිත පුද්ගලයින්ගේ වාර්තාගත විම් වැඩිවිම හේත්වෙන් ජර්මනිය නත්තල් සමයේ එරට ජනතාවට දැඩි නීති රීති පැනවිමට කටයුතු කර ඇත.
ඒ අනුව රටේ හදිසි පියවර ගැනිමේ තත්ත්වයක් පවතින බව එරට බලධාරින් සඳහන් කරයි.
පාසැල් මෙන්ම අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් ද ලබන බදාදා සිට රට පුරා වසා තබනු ඇති අතර, දරුවන්ද නිවසේදී රැකබලා ගත යුතු බවට නිවේදනය කර ඇත.
ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් පවසා ඇත්තේ නත්තල් සමයේ එරට ජනතාව සාප්පු සවාරි යාම වැඩිවි ඇති බවත් එය භයානක තත්ත්වයක් බවය.
රටේ ප්‍රාන්ත 16 ක නායකයින් හමුවීමෙන් අනතුරුව නිතිරිත් පැනවිමට මෙලෙස පියවර ගෙන ඇති අතර දෙසැම්බර් 16 සිට ජනවාරි 10 දක්වා හුදකලා කිරිම් සහ නිති පැනවිම් ක්‍රියාත්මක වේ
එසේම සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ඉඩ දෙන ලෙස සමාගම්වලින් එරට බලධාරින් ඉල්ලා සිටීයි