ෆයිසර්බයෝ එන්ටෙක් එන්නත අද සිට ඇමරිකානුවන්ට

ඇමෙරිකාව තුළ හදිසි භාවිතයට අවසර ලබාදුන් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත අද  සිට එරට ජනතාවට ලබාදිම ආරම්භ කළේය.

කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට එන්නතට ඇති හැකියාව සහ එන්නත කොපමණ කාලයක් සඳහා ආරක්ෂාව ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දැනට පවතින තොරතුරු සීමා සහිත බව එරට  වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය පවසයි.

මේ සති අන්තය පළමු එන්නත් මාත්‍රා මිලියන තුන  ප්‍රාන්ත පුරා බෙදාහැරීමට කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.