ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ පළමු අවසන් පුර්ව තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු දෙකකින් ජයගත්තේය.
ඒ කලම්බො කිංග්ස් කණ්ඩායම කණ්ඩායම පරාජයට පත්කරමිනි.
කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බො කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි රැස්කිරිමට හැකිවුයේ කඩුලු 9ක් දැවි ලකුණු 150ක් පමණි.
මෙහිදි දිනේෂ් චන්දිමාල් ලකුණු 14කට දැවී ගියේය.ඩැනියෙල් බෙල් ඩ්රමන්ඩ් ලකුණු 70 යි.
ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් ලබා ගත් අතර නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් ලබාගත්තේය.
ලකුණු 151 ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 8 ක් දැවී තරගය ජය ගත්තේය.
මෙහිදි නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක් රැස්කළේය.


