කොරෝනාවට එරෙහිව නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත්ව සිදු කෙරෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය පවසයි.
දේශීය වෛද්‍ය අමාත්‍යංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිසි නියාමනයක් සහ අධීක්ෂණයකින් පසු එම ඖෂධ භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ යුතු බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති ප්‍රසාද් හෙන්දා විතාරණ මහතා පවසයි.
ප්රතිශක්තීකරණය වර්ධණය කිරීම සදහා දේශීය ඖෂධ වට්ටෝරු රැසක් පවතින බවත් දේශීය සහ පාරම්පරික ඖෂධ දැනටමත් භාවිත කරන අතර ඒවා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද ඔහු පැවසීය.