ඩීන් කූන්ස් 1981 වසරේ දී රචනා කළ දි අයිස් ඔෆ් ඩාක්නර්ස් (අන්ධකාරයේ ඇස්) “The Eyes of Darkness” නම් කෘතියක ගැන නැවත කථිකාවක් ඇති වී තිබේ. ඒ එහි ලියවුණු චීන වෛරසයක් නිසාවෙනි. මෙම කථිකාවත සමාජ ජාල හරහා ද පසුගියදා හුවමාරු වෙමින් කතාබහට ලක්විය.
ඩීන් කූන්ස් යනු ඇමෙරිකානු ලේඛකයෙකි. ඔහුගේ ත්‍රාසජනක නවකතා වල නිතරම මන:කල්පිත, විද්‍යා ප්‍රබන්ධ, අභිරහස් සහ උපහාසාත්මක අංග නිතරම ඇතුළත් වේ. ඔහුගේ පොත් බොහොමයක් නිව් යෝර්ක් ටයිම්ස්හි හොඳම විකුණුම් ලැයිස්තුවේ පළ විය.
දි අයිස් ඔෆ් ඩාක්නර්ස් නම් කෘතියෙහි චීන ජාතික විද්‍යාඥයෙකු වූහාන් ෆෝ හන්ඩ්‍රඩ් (Wuhan-400) නම් වූ ජීව අවියක් ඇමෙරිකාවට ගෙන යෑම පිළිබදව අඩංගු වේ. එමෙන්ම එම කෘතියෙහි සදහන් වන පරිදී 2020 වන විට දරුණු නිව්මෝනියා තත්ත්වයක් ලොව වෙලාගන්නා බවත් ඉන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවත් සදහන් වේ. එම ජීව අවිය නිර්මාණය කෙරෙන්නේ ද චීනයේ වූහාන් නගරයෙන් පිට රසායනාගාරයක බවයි එම කෘතියෙහි සදහන් කර තිබේ.
කොරෝනා වයිරසය නිල වශයෙන් ස්වාභාවිකවම ගෝලීය වසංගතයක් ලෙසයි ලෝක සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන අතර මෙය මිනිසුන් තම කනස්සල්ල වෙනුවෙන් චිත්‍රපට සහ පොත් ඔනෑකමින් නරඹමින් කියවමින් ඒ හා සම්බන්ධ කරගැනීමක් ලෙසයි විචාරකයින් පෙන්වා දෙයි.
ඒ අනුව 1981 දී ලියන ලද වසර 39ක් පැරණි නවකතාවේ ලිවීම තනිකරම ප්‍රබන්ධයක් වන අතර එම කතාවේ මෙම කොටස වර්තමාන තත්වය සමඟ සමානකම් පෙන්වීම බොහෝ විට අහම්බයක් විය හැකි බවයි විචාරකයින් වැඩිදුරටත් සදහන් කරයි.